March 5, 2024 4:40 pm
Facebook
Twitter
WhatsApp
ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

වයස අවුරුදු දහසයට අඩු දරුවන් ප්‍රේම සම්බන්ධතා මත දූෂණයට ලක්වන සංඛ්‍යාව ඉහළ ගොස් තිබිම හේතුවෙන් දෙමාපියන් දැඩි අවධානයෙන් සිටින්නැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉල්ලා සිටි.

මේ වසරේ ගෙවුණු මාස නවයේ පමණක් දරුවන් නවසිය දාහත් දෙනකු මෙලෙස දුෂණයට ලක් වි ඇත. එය 2022 වසරට සාපේක්ෂව වැඩි විමකි.

මේ අතර ගෙවුණු මාස නවයේ පමණක් බරපතල ලිංගික අපයෝජනයට ලක් වු දරුවන් ගණන හාරසිය විසිපස් දෙනකි. එය ගිය වසරට සාපේක්ෂව දරුවන් හැට එක්දෙනකුගෙන් වැඩි වි ඇති අතර ප්‍රතිශතයක් ලෙස 17 % ක වැඩිවීමකි.

තවද සිගා කෑමට සැලැස්විම හා කූට්ඨනය යටතේ දරුවන් දාහතරදෙනකු හදුනාගෙන ඇති බවත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කරයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වර්ෂ 2000 සංවත්සරයට සමගාමීව “ළමා අපයෝජන වැළැක්වීමේ දිනය” සැමරුම් උත්සවයක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පසුගියදා පැවැත්විණි.‍ එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

Team Hero කණ්ඩායමේ සංවිධානයෙන් පැවැත්වූ මෙම උත්සවය සඳහා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ ද එක් වූහ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට

ප්‍රේම සම්බන්ධතා මත දරුවන් දූෂණයවීම ඉහළට