June 15, 2024 12:34 am
Facebook
Twitter
WhatsApp
පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාලයන්ට රටින් පැන යාම සඳහා ඩුබායි සිට ව්‍යාජ පාස්පෝට් සකස් කර එවන ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

මෙම ගුවන් ගමන් බලපත්‍ර විදෙස් රටකදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර එවන බවත්, ඒවා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට මෙරටින් නික්තු කළ ගුවන් ගමන් බලපත්‍ර ලෙසින් රහසිගතව ඇතුළු කර ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබේ. මෙවැනි ජාවාරමක් අනාවරණය වූ පළමු වතාව මෙය බවත් නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත විමර්ශන අරඹා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණ කළ විමසුමකදී පැවසීය.

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය ඇතිව විදෙස් රටවල සකස් කරන ගුවන් ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට ඇතුළත් කරන බවට සැක පහළවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මෙම ගුවන් ගමන් බලපත්‍ර ඩිනාර් දහසේ සිට දසදහස දක්වා මිලකට අලෙවිකර ඇතැයිද තොරතුරු ලැබී තිබේ.

ආගමන විගමන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මෑතකදී අරඹා ඇති විමර්ශනවලට අනුව මෙරටදී රුපියල් ලක්ෂ පහ බැගින් ලබාගෙන ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර විස්සක් සකස් කර තිබූ අතර, ඉන් දාහතරක්ම ඩුබායි පාතාලය අතට පත්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි. මෙයින් වැඩි ප්‍රමාණයක් වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයෙන් නික්තු කර තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන් පාතාලයන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදීමේදී ඔවුන්ගේ සැබෑ නමට ඇතුළත් කර ඇති ඇඟිලි සලකුණු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදීත් දත්ත පද්ධතියට එලෙසින්ම ඇතුළත් කර ඇතැයි අනාවරණය විය. පාතාලයන්ට ලංකාවේදී ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමට සම්බන්ධ පිරිස් කොටුවීමත් සමග විදෙස් රටවලදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කර මෙරට දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන බවට තොරතුරු ලැබී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම

පාතාලයින් රට පන්නන ඩුබායි පාස්පෝට් ජාවාරම