March 5, 2024 3:14 pm
Facebook
Twitter
WhatsApp
පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවී ඇති බවයි.

තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බව එන්. කේ. ජයවර්ධන පැවසීය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම රජය මැදිහත් වන්නේ නම් අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ක මුදලකට ලබාදීමට සහ බනිස් ගෙඩියක මිල රුපියල් 10ක් හෝ 15ක් වැනි මුදලක් අඩු කිරීමට හැකියාව පවතින බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් මිල අඩු කිරීමේ සූදානමක්

පාන් මිල අඩු කිරීමේ සූදානමක්