July 14, 2024 10:12 pm
Facebook
Twitter
WhatsApp
පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර ඇස් රෝගය සීග්‍ර ලෙස පැතිර යන බවට කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවයි.

කොළඹ කලාප අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු සියලු විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරන්නේ ඇස් රෝගය වැලදී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි.

තවද එසේ පාසලේ ඇස් රෝගය වැලඳී ඇති සිසුන් සිටිනම් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තබා ගන්නා ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

මේ ආකාරයට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ හය ,හත, අට ‍‍ශ්‍රේණිවල සිසුන් ඇස් රෝගයට ගොදුරුවීම හේතුවෙනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිර්දේශ අනුව ඊයේ (10 වැනිදා) සිට එම පාසලේ අදාළ පන්තිවල අධ්‍යාපන කටයුතු නොපැවැත්වීමට තීන්දු කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර ප්‍රකාශ කළේය.

මෙම අක්ෂි රෝගය වැලඳුණු සිසුන් තිස්පස්දෙනකු පමණ එම පාසලේ සිටි බවත් එම තත්ත්වය මත කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ හය ,හත, අට ‍‍ශ්‍රේණි මෙම සතියේ වසා දැමිමට කටයුතු කළ බවත් කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පැතුම් කොඩිකාර පැවසීය .

ඇස් රෝගය දින තුනක පමණ කාලයක් පවතින බවත් ළමුන්ගේ ඇස් රතු වී කැසීමක් සිදුවන්නේ නම් නිවසේදී ප්‍රතිකාර නොගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දීමක් කරයි.

මේ වනවිට ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද මෙම අක්ෂි වයිරසය ව්‍යාප්ත වෙමින් පවතියි.

එම නිසා ඒ පිළිබඳවද අවධානයෙන් සිටිම වැදගත්වන අතර අක්ෂි රෝගය වැලඳුණු පුද්ගලයකුගේ කඳුළු මගින් අනෙක් පුද්ගලයන්ටද ඉතා ඉක්මනින් වයිරසය ව්‍යාප්ත වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් අක්ෂි රෝග වැලඳීම සිදුවන්නේ උෂ්ණ අධික කාලයක වුවද පසුගිය වැසි සමයේ මෙම අක්ෂි වයිරසය ව්‍යාප්ත වීම විශේෂත්වයක් බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්

පාසල් සිසුන් අතර පැතිර යන ඇස් රෝගයක්