March 3, 2024 10:30 am
Facebook
Twitter
WhatsApp
පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ළදු කැළැ සහ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය.

රක්ෂිත සහ ළදු කැලැවල වෙසෙන සතුන් දඩයම් කිරිමේ අරමුණින් සහ විනෝදාශ්වාදය සදහා කිසියම් පිරිසක් විසින් පසුගිය දින කිහිපය තුල වටවල සිට හැටන් දක්වා උඩරට දුම්රිය මාර්ගයෙත් , තේ වතු ආශ්‍රිතව තෙත්බිම් කලාප වලත් , කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල සහ ජලාශ රක්ෂිත වලට ගිනි තැබිම් නිසා අක්කර 100 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ විය.

ගිනි තැබිම් හේතුවෙන් එම රක්ෂිත හරහා ගලා බසින ජල මුලාශ සිදිගොස් විශාල පරිසර හානියක්ද සිදු වි ඇති බවයි ගිනිගෙන විනාශ වි ඇති රක්ෂිත අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

මෙසේ රක්ෂිත සහ ළදු කැලැවලට ගිනි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙස හැටන් , නොර්වුඩ් , බගවන්තලාව , මස්කෙලිය , නල්ලතන්නිය , නෝටන්බ්‍රිජ් , ගිනිගත්හේන , වටවල සහ පොල්පිටිය යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත්, ඊට අමතරව එසේ ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු ඇතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 071859114 ජංගම දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– රංජිත් රාජපක්ෂ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..

පෑවිල්ල අස්සේ කැලෑ ගිනි තියා සත්තු මරං කයි..