March 5, 2024 4:48 pm
Facebook
Twitter
WhatsApp
පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

මහා මාර්ගයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාවට රජය විසින් විශාල මුදලක් වැය කරමින් රට පුරා ඇති මාර්ග දෙපස පදික වේදිකා ඉදිකර ඇත්තේ ජනතාවගේ ජීවිත සුරැකීම අරමුණු කරගනීමිනි.

පදික ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිකර ඇති පදික වේදිකාවන් හී නිරන්තරයෙන් පදිකයන්ට වඩා මෝටර් සයිකල් ධාවනය වීම සුලභ සිද්ධියකි.

රටේ ප්‍රධාන පරිපාලන නගරය වන කොළඹ නගරයේ නිතරම රථ වාහන තදබදයක් වූ සැනින් මෝටර් සයිකල් රියදුරන් තමන්ට රිසි සේ පදික වේදිකා හී ධාවනය කරන්නේ අධිවේගී මාර්ගයේ යන්නාක් මෙනි.

 තවද පදිකයන් , පදික වේදිකා හී සිටිය ද මෝටර් සයිකල් රියදුරන් නලා ශබ්ද කරමින් පදිකයන්ට ඉවත් වන්නට කියමින් ධාවනය කරන්නේ පදික වේදිකාව ඔවුන්ගේ පෞද්ගලික දේපලක් වැනි හැඟීමක් ඇතිවයි.

කෙසේ වුවත් මෙහි නීතිමය තත්ත්වය කොළඹ රථ වාහන කොට්ඨාශයෙන් ”අරුණ” කළ විමසීමකදි ඔවුන් සඳහන් කර සිටියේ පදික වේදිකාවේ ධාවනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් , පොලිස් නිළධාරින්ට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් ය.

එසේම අධිකරණයට ඉදිරිපත් කළ හැකි මට්ටමේ වරදක් බවත් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී

පේමන්ට් එකේ බයික් පැද්දොත් උසාවී