April 18, 2024 7:08 am
Facebook
Twitter
WhatsApp
බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අසාදු ලේඛන ගත කර භාවිතයෙන් ඉවත් කර තිබෙන වාහන පන්දහසකට වැඩි සංඛ්‍යාවක් අනීතික අන්දමින් ලියාපදිංචි තොරතුරු වෙනස් කර විවිධ පාර්ෂව වෙත අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.

විවිධ නෛතික ගැටලු හේතුවෙන් අසාදු ලේඛන ගත කර තිබූ වාහන ගණනාවක් මෙලෙස වංචනික අන්දමින් අසාදු ලේඛනයන් ඉවත් කර තිබෙන බවත් මෙම ක්‍රියාදාමය මෙම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කලක පටන් සිදුකර තිබෙන බවත් මෙම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

වංචා සහගත ලෙස ලියාපදිංචි කර තිබූ හෝ යම් යම් චෝදනාවල්වලට ලක් වූ වාහන සහ ඒවා නෛතික ක්‍රියාදාම වලට යොමු කර ඇති වාහන විශාල ප්‍රමාණයක් අසාදු ලේඛනගත කර ධාවන තත්ත්වයෙන් නීත්‍යනුකූලවම ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

එලෙස ධාවනයෙන් ඉවත් කර අසාදු ලේඛනගත කර තිබූ වාහනවල සියලු දත්ත දින වකවානුද සහිතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇත්තේ (A) අක්ෂරය සහිත සංකේතයක්ද තබමිනි.

එවන් වාහන අසාදු ලේඛනයෙන් ඉවත් කර ඒවායේ චැසි අංක, ලියාපදිංචි අංක හා එන්ජින් අංක වලට වෙනත් පුද්ගලයන්ගේ නමට වාහන දහස් ගණනක් මෙම ජාවාරම්කාර නිලධාරීන් විසින් පැවරීමට හා ලියාපදිංචිය වෙනස් කිරීමට ලක්කර ඇතැයි එම දත්ත පද්ධතිය ඔස්සේ කරන ලද සොයාබැලීමකදී අනාවරණය වී ඇත. නමුත් බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු පැවසීය.

මෙලෙස අනීතික අන්දමින් ලියාපදිංචි තොරතුරු වෙනස් කර වාහනයක් පවරා දීම වෙනුවෙන් මෙම නිලධාරීන් කල්ලිය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් ලබාගෙන ඇති බවත් එලෙස වෙනස් කරන ලද වාහන අතර ජිප්, කැබ් රථ, ලොරි රථ, වෑන් රථ රාශියක් තිබෙන බවත් ඒවාට යොදා ඇත්තේ අසාදු ලේඛන ගත කළ අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන වල චැසි අංක බවත් තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ජාවාරම පිටුපස සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සිටින විමර්ශන නිලධාරීන් පිරිස අතර විමර්ශන නිලධාරිනියකද සිටින බවත් මෙම කල්ලිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ද සම්බන්ධ කරගනිමින් මෙම ජාවාරම තවමත් කරගෙන යන බවත් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා

බ්ලැක් ලිස්ට් වාහන 500ක් විකුණලා