April 22, 2024 10:51 am
Facebook
Twitter
WhatsApp
බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව වර්ග තුනකට බෙදා විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ බිත්තර අලෙවි කිරීම සිදු කෙරේ. බිත්තර මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙලෙස බිත්තරයක විවිධ ප්‍රමාණයන් සම්බන්ධවද කතාබහට ලක්වූවේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන් සහභාගි විය.

‘‘වෙළෙඳපොළේ සයිස් තුනකින් බිත්තර අලෙවි කරනවා. මේවායේ මිල ගණන් සයිස් එක අනුව වෙනස් වෙනවා. කොහොමද මෙහෙම බිත්තර එක එක ප්‍රමාණවලින් තියෙන්නේ.’’ ඇමැතිවරයා නිලධාරීන්ගෙන් ඇසුවේය.

‘‘ඔව් සර්. ස්මෝල්, ලාර්ජ් සහ එක්ස්ට්‍රා ලාර්ජ් කියලා සයිස් තුනක් තියෙනවා.’’ යැයි පශු සම්පත් සංවර්ධන නිලධාරියකු කීවේය.

‘‘ඕක මෙහෙමනේ වෙන්නේ. තරුණ කිකිළියෝ දාන්නේ පොඩි බිත්තර. වයසට යද්දී තමයි සයිස් එකෙන් වැඩි ඒවා දාන්නේ’’ යැයි තවත් නිලධාරියකු පැවසුවේය.

‘‘එතකොට නාකි කිකිළියෝද ලොකුම බිත්තර දාන්නේ’’ යැයි ඇමැතිවරයා විමසුවේ සියලුදෙනා සිනා ගන්වමිනි.

‘‘ඔව් සර්…වයසට යද්දී ලොකු ලොකු ඒවා දානවා..’’ යැයි නිලධාරීන් පවසන්නට විය.

බිත්තරවලට සිල්ලර මිලක් පැනවීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. නිලධාරීන් කියා සිටියේ බිත්තරයේ ප්‍රමාණය අනුව සිල්ලර මිලක් නියම කිරීමට සිදුවන බවයි.

මෙහිදී ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ බිත්තරයේ ප්‍රමාණය අනුව සිල්ලර මිල නියම කළහොත් බිත්තරයෙන් බිත්තරය මැනීමට සිදුවන බැවින්, සියලුම බිත්තර සඳහා එකම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කළයුතු බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ

බිත්තරයේ ප්‍රමාණය අනුව මිල කෙරේ