බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිලට ගත් බිත්තර රෝල්ස් එකක තිබූ බිත්තරය රබර් හෝ ප්ලාස්ටික් වලට සමාන යයි පාරිභෝගිකයකු විසින් පැමිණිලි කර තිබේ.
මේ වන විට ඒ පිළිබඳව බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පැමිණිලිකාර පුද්ගලයා එම අවන් හලෙන් ලබාගත් බිත්තර රෝල්ස් එක රුපියල් 170 වූ බවත් එය ආහාරයට ගැනීමේදී අපහසුතාවයක් හේතුවෙන් පරික්ෂා කිරීමේදී රබර් ප්ලාස්ටික් වලට සමාන බව හඳුනාගෙන ඇති බවද සදහක් කර ඇත.
මේ පිළිබඳව කාර්ය මණ්ඩලයට සමග සාකච්ඡා කර එකගතාවයට පත් වීමට නොහැකි වී ඇති අතර අවට මේස නිරීක්ෂණය කිරීමේදී ද බිත්තර ආහාරයට ගත් අය එම බිත්තර ඉතිරිකර තබා යන අයුරුද නිරීක්ෂණය කර තිබේ.