May 23, 2024 2:24 pm
Facebook
Twitter
WhatsApp
බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචි කිරීම සඳහා දේශීය හා විදේශීය ඉල්ලුම්කරුවන් පනහකට අධික පිරිසක් ආයුර්වේද සංස්ථාවට අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි අරුණට ප්‍රකාශ කළේ ආයුර්වේද සංස්ථාව මූලික වෙමින් බොඩි මන්ත්‍ර (ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීම මේ දිනවල සිදු කරන බවයි. මෙමගින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය .

උපාධිධාරි පුහුණු සම්බාහකයන්ගේ අධීක්ෂණය යටතේ ශාරීරික සුව සත්කාරක සේවය ඇති කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතය.

මෙය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද දේශීය වශයෙන් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන සියලුම ආයතනවලට මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය .

දැනට ආයුර්වේද ස්පා ලෙස නම්කර ඇති ස්ථානවලින් ආයුර්වේද සම්බාහනය කිරීම නිසි ලෙස සිදුනොවන බවත් එයට විසඳුමක් ලෙස මෙම බොඩි මන්ත්‍ර ස්ථාපිත කළ බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය .

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50ක්