April 18, 2024 6:15 am
Facebook
Twitter
WhatsApp
මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

කොළඹට පොඩි සිංහයා වුනත් තමන් ගමට තවමත් පොඩි නාමල් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ගේ සීයාගේ පටන් පරම්පරාවම දේශපාලනය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්කිරිගල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

අපි දේශපාලනය පටන් ගත්තේ ඩී.එම් රාජපක්ෂ මහත්තයගෙන්. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ දේශපාලනයට අවුරුදු 98ක් වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තය අවුරුදු 55ක් දේශපාලනය කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ගැන කතා කරන්න මම කාලය වැය කරන්නේ නැහැ. 2005ට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තිබුණු තත්ත්වයත්, අද දිස්ත්‍රික්කයේ තත්ත්වයත් ජනතාව දන්නවා. එදා මේ දිස්ත්‍රික්කයේ ළමුන් හිතුවේ 8 ශ්‍රේණිය සමත්වීම ගැන පමණයි. ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන පමණයි. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා. ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන කතා කරනවා.

පහුගිය සමයේදි ගුරුවරු පිලිතුරු පත්‍ර පරීක්ෂා කළේ නැහැ. ඒ නිසා උසස්පෙළ ප්‍රතිඵල එන්න පරක්කු වුණා. මේ හේතුවෙන් දෙවැනිවර විභාගයට පෙනී සිටින ළමුන්ට විශාල ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ඒ ළමයින්ටත් යම් සාධාරණයක් සිදුවිය යුතුයි. මොකද මාස දෙක තුනක් ඇතුළත විභාගයකට පෙනී සිටීම ලේසි පහසු දෙයක් නෙමෙයි. උසස්පෙළ විභාගය විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගැනීමේ එකම මාර්ගය බවට පත්වෙලා තිබෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. විශ්ව විද්‍යාලවලට ස්වාධීනව තීන්දු ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරල දෙන්න ඕන. ආණ්ඩුව කියන විෂය පථය උගන්වනව වෙනුවට ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය විශ්ව විද්‍යාලවලටම පවරන්න ඕන.

ඒ වගේම සිසුන් ලක්ෂ තුනක් උසස්පෙළ විභාගය ලියනකොට, එයින් හතලිස් දාහයි විශ්ව විද්‍යාලයට යන්නේ. ඒ දරුවෝ රාජ්‍ය සේවයට බඳවා ගන්නත් බැහැ. මොකද ලක්ෂ හයකට තිබුණු රාජ්‍ය සේවය ලක්ෂ දාහතර දක්වා වැඩිවෙලා. රාජ්‍ය යාන්ත්‍රණය තුළ තවත් යටිතල පහසුකම් දියුණු වෙන්නේ නැත්නම් අලුතින් රාජ්‍ය සේවයට බඳවාගැනීම ප්‍රායෝගික නැහැ. එහෙමනම් ඉදිරි දරුවන්ට අපි මොකද කරන්නේ. ඔවුන් පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශය සලසන්න ඕන. ඒ පාඨමාලාවලට රැකියා වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියලත් අපි බලන්න ඕන.

මේ අභියෝගය දැක්ක නිසා එදා මහින්ද රාජපක්ෂ මහතා හරිත විශ්ව විද්‍යාලය හැදුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් නාගරික විශ්ව විද්‍යාල පිහිටුවන්න උත්සාහ ගත්තත් ඒක සාර්ථක වුනේ නැහැ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන. දරුවා රැකියා ගත කිරීමේ බලයත් විශ්ව විද්‍යාලවලටම ලබාදෙන්න ඕන.  අපි හැම දෙයක් දිහාම බලන්නේ දේශපාලනිකවයි. පහුගිය කාලයේ සෞඛ්‍ය කේෂ්ත්‍රය ගැන පාර්ලිමේන්තුවේ විවාද කළා. අපි පාර්ලිමේන්තුවෙ කොච්චර විවාද කළත් ගමේ ඉස්පිරිතාලයට වෛද්‍යවරු ලැබෙන්නෙ නැහැ. අපේ රටේ ඖෂධ වර්ග නිෂ්පාදනය නොකරන තාක්කල් අපි ජාත්‍යන්තර සමාගම්වලට යටවෙන්න වෙනවා. මේ නිසා හම්බන්තොට, අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන ගම්මාන හදන්න කටයුතු කළේ මේ නිසයි.

අපි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන දවස් දෙකක් පාර්ලිමේන්තුවේ විවාද කරගන්නවා. මේ දවස්වල චැනල් ෆෝ නාලිකාවේ චිත්‍රපටයක් පෙන්වනවා. ඒ නාලිකාවට රාජපක්ෂවරුන් එක්ක, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක පාරම්පරික ප්‍රශ්නයක් තියෙනවා. 2009දිත් මේ වගේ බොරු චෝදනා පදනම්කරමින්, යුධ අපරාධ පිළිබඳව චිත්‍රපටයක් හැදුවා. හැබැයි යහපාලන ආණ්ඩු යම්තාක් දුරකට ඒක පිලිගත්තා. පිලිඅරගෙන බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කළා. හමුදාව දුර්වල කළා. රණවිරුවා සෙබළා බවට පත්කළා. මේ නිසා බුද්ධි අංශ බිඳ වැටුණා. ඔවුන්ගෙ ආත්ම ශක්තිය හීන වුණා. ඒකේ ප්‍රථිඵලය අපි දැක්කා. අරගලය ගොඩ නැගෙනකොට ඒ ගැන දැනගන්න බුද්ධි අංශ නැහැ. පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශවලින් තොරතුරු ලබාදීලත් යහපාලන ආණ්ඩුව ඒ ගැන හොයල බැලුවෙ නැහැ.  අදත් නාලිකාව කරන්නේ රාජපක්ෂවරුන්ට මඩගහනවට වඩා අපේ රටේ බුද්ධි අංශ නැති කිරීමේ කුමන්ත්‍රණයක්. ඒකෙන් යම් පිරිසක් දේශපාලන වාසි ගන්නවා.

සහරාන් කියන පුද්ගලය මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටියා. මරාගෙන මැරුණ පුද්ගලයන්ගෙ පියා ඊබ්‍රහීම් ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තුවේ. මේ අය මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරයි කියල හිතන්න බැහැ.

අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. මම නියෝජනය කරන පරම්පරාව ඒ ප්‍රතිපත්ති නවීකරණය කරමින් ඉදිරියට යා යුතු බව මා විශ්වාස කරනවා. රටට ආයෝජන ගේනවට අපි විරුද්ධ නැහැ. අපි ඒවට සහාය ලබාදෙනවා. ජාතික සම්පත් දියුණු කරන්න ඕන. හැබැයි විජාතික කරණය කරනවට අපි විරුද්ධයි. මේ රට නූතන ලෝකය සමග ගණුදෙනු කරන්න ඕන. අරගලකරුවා ගැන අපිට ගැටළුවක් තියෙනවා. ගෙවල් ගිනි තියල, මිනිස්සු මරල අරගල කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එදා 60000ක් තරුණයන් ඝාතනය කළා. 71,88,89 තරුණයන්ගෙ අරගලය අසාර්ථක වුණා. වෙනම රාජ්‍යයක් බිහිකරන්න එල්.ටී.ටී.ඊ සංවිධානය කරපු අරගලය අසාර්ථක වුණා. නූතන ලෝකයේ ඩිජිටල් තරුණයන් ක්‍රියාත්මක කරපු අරගලයත් අවසානයේදී ප්‍රතිඵලයක් නැතිවුණා. එහෙමනම් නවීකරණයවූ දේශපාලන වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍යයයි’

Repoter

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී

මං කොළඹට පොඩි සිංහයා වුණාට ගමට පොඩි නාමල්ම තමයි..- නාමල් ගිරුවායේදී