March 5, 2024 4:37 pm
Facebook
Twitter
WhatsApp
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව සිංගප්පූරු ආකාරයේ දැඩි නීති…

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව සිංගප්පූරු ආකාරයේ දැඩි නීති…

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව සිංගප්පූරු ආකාරයේ දැඩි නීති…

VIP වරප්‍රසාද භාවිත කරමින් ගුවන්තොටුපලින් රත්ත්‍රන් රැගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව යෝජනාවක් ගෙන ආවා සේම මත්පැන්, දුම්කොළ, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රට මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකඟ වන්නේ නම්, රටක් ලෙස පරමාදර්ශීව කටයුතු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම දුම්කොළ, දුම්වැටි සහ මධ්‍යසාර සම්බන්ධ බදු ආදායමද රටට නිවැරදිව නොලැබෙන්නේ ඇතැම් නිළධාරීන් සමාගම්වල අතකොලු වී ඇති පසුබිමක බවත්, එය බිඳ දැමීමටද 225 දෙනා එක්ව නීති සම්මත කිරීමෙන් හැකියාව උදාවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගරයේ සිටිමින් පවා ජාවාරම සිදු කරන බැවින් ඔවුන්ට එරෙහිව සිංගප්පූරුවේ පවතින ආකාරයේ දැඩි නීති ක්‍රියාමාර්ග ගත යුතුබවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

ඒ තුළින් වර්ථමානයේ පාසල් පද්ධතිය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරමටද තිත තැබිය හැකි බව විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා නිර්දේශ ලබාදීම පිළිබද විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වු අවස්ථාවේ දීය.

– Media unit

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us