July 14, 2024 10:02 pm
Facebook
Twitter
WhatsApp
මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

ඊයේ (29) අලුයම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තළෙලු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදා‌නේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්