May 23, 2024 3:14 pm
Facebook
Twitter
WhatsApp
මහනුවර හේමමාලී බාලිකාවේ සිසුවියන්ට සිදුවෙන අසාධාරණය

මහනුවර හේමමාලී බාලිකාවේ සිසුවියන්ට සිදුවෙන අසාධාරණය

මහනුවර හේමමාලී බාලිකාවේ සිසුවියන්ට සිදුවෙන අසාධාරණය

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින් සමත්ව මහනුවර වෙනත් පාසල්වලට උසස් පෙළ සදහා අයදුම් කරන සිසුවියන් හට විද්‍යාලයේ විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි වාර්තා වේ.

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් උසස් පෙළට අයදුම්කිරීම සදහා සිසුවියන්ට අවස්ථාව සලසා දී ඇත්තේ එක් දිනයක් පමණක් බවටයි සිසුවියන් චෝදනා කරයි.

උසස් පෙළ සදහා ඇතුලත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ උපදෙස් පරිදි පාසලේ WHATSAPP සමුහය වෙත නිකුත් කර ඇති නිවේදනයක් මගින් 2022 සාමාන්‍ය පෙළ දරුවන් පාසලට කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වා ඇත.

දෙසැම්බර් 12 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත් නොදන්වා ඊට සහභාගී නොවන හා අයදුම්පත් ඉදිරිපත් කළ නොකළ අයට තවදුරටත් අවස්ථාවක් නොමැති බවත් විදුහල්පතිනියගේ උපදෙස්පරිදි අදාල පණිවිඩයේ දක්වා ඇත.

උසස් පෙළ සදහා අයදුම් කිරීමට ඉතාම කෙටි කාලයක් ලබාදී ඊට අයදුම් ඉදිරිපත් කිරීමට පමා වන තම විද්‍යාලයේම සිසුවියන්ට මෙතරම් කුරුරු අයුරින් සලකා ඔවුන්ගේ අනාගතය අදුරු කිරීමට මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට ඇති අයිතිය කුමක් ද ?

තවද විදුහල්පතිවරුන්ට එලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us