පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තා එක් එක් පුද්ගලයන්ට තම ගෙදර ගෙනයා නොහැකි බව හෙට දිනය සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සඳහන් කරයි.
එනිසා ජනාධිපති කාර්යාලයේ නැති වාර්තා ගම්මන්පිල මහතා ගේ අතට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද ඔහු පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
‘අපි මේ රජය, ඇමැතිවරයාව, ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න මහත්වරුන්ව විශ්වාස කරනවා. ශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ.
මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා. මේ අපරාධ බුද්ධි නිවාරණයට සුදුසු නම් ඔහු ඒ අදාළ තැන්වලට ගෙනැල්ලා ප්‍රයෝජන ගත්තම මොකද වෙන්නේ.
ශානිගෙන් ගන්න ඕනේ දේ වටේ කෑගහන සෙප්පඩයන්ට කරන්න බැහැ. යුක්තිය පසිඳලීම ගරු අධිකරණය කරයි.
දැන් මේ සිද්ධියට යුක්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් සංයුතිය හැදිලා තිබෙනවා. මේ සංයුතිය ඉතාම හොඳයි යුක්තිය සොයා යන ගමනේ’