May 23, 2024 3:20 pm
Facebook
Twitter
WhatsApp
මහ වැස්සෙන් දඹුළු විහාරයේ ගල්ලෙන් සිතුවම් ගැලවී යාමේ තත්වයක්..

මහ වැස්සෙන් දඹුළු විහාරයේ ගල්ලෙන් සිතුවම් ගැලවී යාමේ තත්වයක්..

මහ වැස්සෙන් දඹුළු විහාරයේ ගල්ලෙන් සිතුවම් ගැලවී යාමේ තත්වයක්..

ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ සිතුවම් නැවතත් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ.

දඹුල්ල ලෙන් විහාරය යනු ලාංකීය සාස්කෘතික අභිමානය ලොවටම පෙන්වන එක් ස්ථානයකි.

ආසියාවේ දිගම ලෙන ලෙස සැලකෙන්නේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයයි.

ශ්‍රී ලාංකික බෞද්ධ කලාවේ සහ ප්‍රතිමා ශිල්පයේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන මෙම සංකීර්ණ විහුවය බුද්ධ ප්‍රතිමා,බෝධිසත්ව අනුරුව,දේව රූප 160කින් පිරී තිබේ.

එහි වර්ග අඩි 20000ක් වසා අදිනු ලැබ ඇති ලාලිත්‍යමය බිතු සිතුවම් වලින් මෙම ලෙන් සමන්විත වෙයි.

මෙම ඓතිහාසික සිතුවම් නැවතත් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.

ඒ ගල්ලෙන් වල ඇති සිතුවම් ගැලවී යාමේ තර්ජනයක් හේතුවෙනි.

පැවති අධික වැසි සහිත කාලගුණ තත්වය මේ සඳහා බලපා ඇතිබව මධ්‍යම සාස්කෘතික අරමුදලේ විද්‍යාත්මක සහ පරීක්ෂණ සහකාර අධ්‍යක්ෂ අජිත් ජයසුන්දර මහතා පැවසීය.

එය කඩිනමින් යථා තත්වයට පත්කරන බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us