පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 80 පවුල් 39123 අයත් පුද්ගලයන් 152424 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා හේතුවෙන් මේවන විට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.
පූර්ණ නිවාස හානි එකක් සහ අර්ධ නිවාස හානි 318ක් මේවන විට වාර්තා වී තිබේ.
ආපදා හේතුවෙන් පීඩාවටපත් පවුල් 1927 අයත පුද්ගලයන් 7918 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 69 රඳවා සිටියි.
ආපදා වලින් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.
එහි පවුල් 20553 පුද්ගලයන් 82839 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
මේ අතර ජල ගැලීම් වලට ලක්ව ඇති ප්‍රදේශ වල සහන කටයුතු ගංවතුර ආපදා සහන කණ්ඩායම් යොදවා ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත