June 15, 2024 1:00 am
Facebook
Twitter
WhatsApp
මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මෙම වසරේ ගෙවී ගිය මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් 75ක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව කොළඹ දුම්රිය අංගණ තුළ පීලිපැනීම් 38ක්ද දුම්රිය මාර්ගවල පීලිපැනීම් 37ක්ද වාර්තා වී තිබේ.

මෙම අගය පසුගිය 2021 සහ 2022 වසරවලට වඩා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. දුම්රිය මාර්ගවලට යොදා ඇති පීලි මල බැඳීම්වලට ලක්වීම සහ දිරාපත්වීම පීලිපැනීම් වැඩිවීමට හේතුවී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ වන විට දුම්රිය මාර්ග සඳහා යෙදීමට පීලි දස දහසක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා නවීකරණය කරන ලද කොටසින් ඉවත් කළ පීලි හත්දහසට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් එම පීලි යොදා ගනිමින් අබලන් දුම්රිය මාර්ග නවීකරණය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ආරම්භ කර නොමැති බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

මේ අතර මෙම වසරේ ගෙවුණු කාලය තුළ දුම්රිය හරස් මාර්ගවලට යොදා ඇති ආරක්ෂිත ගේට්ටු 346කට​ අලාභහානි සිදුවී ඇති බවත් ඊට දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන රියැදුරන්ගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවක් වී අැතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්

මාස 10ට දුම්රිය පීලිපැනීම් 75ක්