අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පාර්ශව රැසක් මේවන එකට එකතුවී ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික් විශ්‍රාමික පොලිස් සාමූහික උස්සවය අමතමින් පැවසීය.
මැතිවරණය ජයග්‍රහණය කිරීමට වඩා අවශ්‍ය වනුයේ පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම බව පැවසීය.
රට ආර්ථිකයෙන් පමණක් නොවන අධ්‍යාපනය ,නීතිය,සාස්කෘතිය ඇතුළු සෑම අංශයකින්ම පොහොසත් විය යුතුය.
ජාති ආගම් භේදයකින් තොරව ජීවත් විය හැකි රටක් ඇතිකිරීම අරමුණ බව ලේකම්වරයා පැවසීය.
දේශපාලකඥායින්ගේ බල පරාක්‍රමය වැඩිකර ගැනීමට පොලිසිය භාවිතා කරයි.
අදායම වැඩිකර ගැනීමට පොලිසිය භාවිතා කරන බව එහිදී පැවසීය.
වැටලීම් කිරීම සඳහා පොලිසියට ඉලක්ක ලබාදීම අනුමත කර නොහැකිය.
පොලීසියෙ තනතුරු ලබාදීම දේශපාලනිකරනය වී තිබේ.
එම තත්වය වෙනස් කළ යුතු බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත