May 23, 2024 2:15 pm
Facebook
Twitter
WhatsApp
මින් ඉදිරියට ඕස්ට්‍රේලියාවේ රැකියා නෑ – රැකියා නොදෙන ලැයිස්තුව එළියට

මින් ඉදිරියට ඕස්ට්‍රේලියාවේ රැකියා නෑ – රැකියා නොදෙන ලැයිස්තුව එළියට

මින් ඉදිරියට ඕස්ට්‍රේලියාවේ රැකියා නෑ – රැකියා නොදෙන ලැයිස්තුව එළියට

Trade වෘත්තීන් යටතට ගැනෙන රැකියා 07 කට අදාළව මින් ඉදිරියට ඇගයීම් වාර්තා (assessment ) ලබාදීම සඳහා අයදුම්පත් භාර නොගැනීමට ඔස්ට්‍රේලියානු වෘත්තීමය නිපුණතා ඇගයීම් අධිකාරිය හෙවත් VETASSESS තීරණය කර තිබෙනවා.

ඒ අනුව සූපවේදී – අරක්කැමි – ඩීසල් මෝටර් කාර්මික – මෝටර් කාර්මික – විදුලි කාර්මික – Fitter – ලෝහ කාර්මික යන රැකියා සඳහා අයදුම්පත් භාරගැනීම අත්හිටුවීමටයි නියමිතව ඇත්තේ.

ලබන 25 වනදා සිට මෙම තීරණය බලාත්මක වන බවද ඔස්ට්‍රේලියානු වෘත්තීමය නිපුණතා ඇගයීම් අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

දැනටමත් මෙම වෘත්තීන් සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

දැනටමත් අයදුම්පත් යොමුකර ඇති පිරිස් සඳහා මෙයින් කිසිදු බලපෑමක් නොමැති බවද නව අයදුම්පත් භාරගැනීම පමණක් අත්හිටුවා ඇති බවද ඔස්ට්‍රේලියානු වෘත්තීමය නිපුණතා ඇගයීම් අධිකාරිය සඳහන් කර සිටිනවා.

කෙසේවෙතත් VETASSESS ආයතනය විසින් පමණක් මෙලෙස අයදුම්පත් භාර ගැනීම නවතා දමා ඇති අතර ඒ හා සමාන බලතල ඇති වෙනත් ආයතන විසින් අයදුම්පත් සළකා බැලීම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම වෙනත් රටවල සිට අයදුම්පත් යොමුකරන්නන් සඳහා පමණක් මෙය අදාළ වන අතර මෙරට සිට යොමු කෙරෙන අයදුම්පත් සඳහා අදාළ වන්නේ නැහැ.

. Chef, ANZSCO Code 351311
. Cook, ANZSCO Code 351411
. Diesel Motor Mechanic, ANZSCO Code 321212
. Motor Mechanic (General), ANZSCO Code 321211
. Fitter (General), ANZSCO Code 323211
. Electrician (General), ANZSCO Code 341111
. Metal Machinist (First Class), ANZSCO Code 323214.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us