මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වැටලීමට ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබේ.
මෙලෙස වටලා ඇත්තේ රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම් ලාභීන්ට බෙදා දීමට රැගෙන ආ සහල් තොගයක් බවයි වාර්තා වන්නේ.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක ජනතාවට මේ සහල් බෙදා දීමට සූදානම් කර තිබේ.
එලෙස සහල් රැගෙන ආ ලොරි රථයේ රියදුරුව ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.