April 18, 2024 5:58 am
Facebook
Twitter
WhatsApp
මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා දැරියගේ දෙමාපියන් විසින් අද (08) දින පොලීසියට පැමිණිල්ලක් දමා ඇත.

පසුගිය අගෝස්තු 26වනදා අවුරුදු දෙකක් වයසැති නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි එල්.දිව්‍යා දැරිය ඇගේ නිවසේ ගෙමිදුලේපිහිට ජලටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී දැරිය ජලටැංකියට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබුණි.

පසුව දැරියගේ මළසිරු රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී 27 වනදා දින මිහිදන් කොට තිබූ අතර අද උදෑසන කාලයේදී දැරියගේ ඥාතියෙකු විසින් අදාල සුසාන භූමිය වෙතට ගොස් සිදුකරන පරික්ෂාවකදී දැරිය මිහිදන් කරන ලද වල හාරා ඇති බවත් වලතුල තිබූ මිණී පෙට්ටිය කඩා මළ සිරුර රැගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් ඒ බව දැරියගේ දෙමාපියන්ට දැනුම් දී තිබුණි.

අනතුරුව දෙමාපියන්ද අදාල ස්ථානයට ගොස් පරික්ෂා කොට මළ සිරුර අතුරුදහන් බවට තහවුරු වීමෙන් පසුව ඒ පිළිබඳව නෙලුක්කුලම් පොලීසියට මෙන්ම වව්නියාව පොලීසියටද දැනුම් දීමට පියවර ගෙන තිබුණි.

පසුව පොලීසිය විසින් මේ වන විට පරික්ෂණ කටයුතු අරඹා ඇති අතර කිසියම් පිරිසක් අදාල සුසාන භූමියේ මිහිදන කල මළසිරුර ගොඩට ගෙන ඇති බවට සාක්ෂා ලැබී ඇති බවටත් අදාල මළ සිරුර මෙලස ගොඩට ගැනීමට කටයුතු කල පිරිස් සොයා පුලුල් පරික්ෂණයක්ද අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…

මිනී වල හාරා මල සිරුර සොරාගෙන යයි…