April 22, 2024 12:30 pm
Facebook
Twitter
WhatsApp
මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ සමාගමේ කර්මාන්තශාලා තුළ සොරකම් සිදුවන්නේ දැයි වහාම සොයා බැලීමට කණ්ඩායමක් පත්කරන ලෙසත්, එම වාර්තාව කඩිනමින් තමාට ලබාදෙන ලෙසත් සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

මිල්කෝ ආයතනයේ පරිපාලනය ඉතා දුර්වල තත්ත්වයක පවතින බවත්, එම ආයතනයට ලබන සතියේදී නව සභාපතිවරයෙකු පත්කරන බවත් ඇමැතිවරයා කීවේය.

දිනපතා අරුණ පුවත්පත ඉකුත් 26 වැනිදා “විකුණන ආරංචියට සේවකයෝ මිල්කෝ කෑලි ගලවති’’ මැයෙන් පළකරන ලද ප්‍රධාන පුවත සාවද්‍ය බවට මිල්කෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවා ඇත.

දේශීය කිරිගොවි ජනතාවගේ අභිවෘද්ධිය සහ කිරි පාරිභෝජනය කරන ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මිල්කෝ සමාගම නිරන්තරයෙන් කැපවී සිටින බවද එම ලිපියේ සඳහන්කර තිබේ.

කෙසේ නමුත්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා අදාළ වාර්තාව මෙතෙක් ලබාදී නොමැති බවය.

ඇමැති මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ සමාගමේ දෛනිකව කිරි ලීටර් 165,000 කින් කරන ලද නිෂ්පාදනය මේ වනවිට ලීටර් 55,000 ක් දක්වා අඩුවී තිබෙන බවය.

මිල්කෝ සමාගමේ පසුගිය කාලය තුළ සිදු වූ දූෂණය හා නාස්තිය සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස එම සාකච්ඡාවේදීද ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්තිට උපදෙස් දුන්නේය.

මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති දිගින් දිගටම කරන ලද විරෝධතාවලින් පසුව එහි සභාපති ලෙස කටයුතු කල රේණුක පෙරේරා ඉවත් කෙරුණු අතර, වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති පත් කෙරිනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්

මිල්කෝ කෑලි ගලවනවාද බලන්න කණ්ඩායමක්