May 23, 2024 1:54 pm
Facebook
Twitter
WhatsApp
මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව සිකුරාදා දිනයෙන් අවසන් වූ ගෙවුණු සතිය තුළදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි උච්චාවචනයක් පෙන්නුම් කර තිබේ.

සතිය ආරම්භයේදී,චීනයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් බොරතෙල් මිල ඉහළ ගිය නමුත් පසුව ගෝලීය ආර්ථිකය පිළිබඳව ඇතිවූ පුරෝකථන හේතුවෙන් මිල යළි පහළ ගිය බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව එම කාල සීමාවේදී අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් දෙකයි දශම හතකිනුත්, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් තුනයි දශම හතරකිනුත් පහළ ගියේ ය.

මේ අනූව ඉදිරි දින කිහිපයේදී ඉන්ධන මිල පහළ යෑම සිදු වන ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු

මෙරට ඉන්ධන මිල යළිත් පහළ යන ලකුණු