June 15, 2024 1:39 am
Facebook
Twitter
WhatsApp
රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

සිය බිරිදට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් රිය අනතුරක් සිදු කොට බිරිද ඝාතනය කළේ යැයි සැක පිට පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා 2023 මැයි මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් දුමින්ද ලේල්වල මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත (25) නැමැති අයයි.

රිය අනතුරින් මියගොස් ඇත්තේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී (40) නැමැති අයයි.

මෙම ඝාතනයට අදාලව රිය අනතුර සිදු කිරීම සදහා රිය පැදවූ සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව පිටිගල පොලීසිය කියයි. මොවුන් දෙදෙනා හදුනාගෙන තිබෙන බවත් මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුර සිදුකරන ලද CP DAD 7270, බොල්රූ වර්ගයේ කැබ් රථය, තරුණියගේ ස්වාමිපුරුෂයා යැයි කියන ලද පුද්ගලයා පැමිණි යතුරු පැදිය හා හිස් වැසුම් නඩු භාණ්ඩ ලෙස පොලීසියේ භාරයට ගෙන තිබේ. මෙම කැබ් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවද පිටිගල පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම කාන්තාව මිය යෑමට අදාල රිය අනතුර සිදුව ඇත්තේ 2023 අප්‍රේල් මස 30 වන දින ප.ව 4.30 ට පමණය. ඒ පිටිගල – මාපලගම මාර්ගයේ මානම්පිට ප්‍රදේශයේ මාර්ගය අසලදීය. මෙම ප්‍රදේශය ජනගහනය ශූණ්‍ය පාළු ප්‍රදේශයක් බව පිටිගල පොලීසිය කියයි. රිය අනතුරකින් තුවාල ලද කාන්තාවක් මහමග අසල වැටී සිටින බවට පිටිගල පොලීසියට ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමකට අනුව පිටිගල පොලීසිය විසින් අදාල කාන්තාව ලගම ඇති පිටිගල, ගල්ලිද ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබේ. එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි අනතුරට පත් කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි ප්‍රකාශ කල අයෙකුද අදාල කාන්තාව රෝහලට ඇතුලත් කිරීමට පොලීසියට සහය දක්වා තිබේ. රෝහලට ඇතුලත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇත.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විගස මෙම තරුණියගේ ස්වාමිපුරුෂයා ලෙස හදුන්වාදුන් අය පළමුවෙන්ම සොයා ඇත්තේ තරුණියගේ මුදල් පසුම්බිය බවත් එය පොලීසියේ බලවත් සැකයට හේතු වූ බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ගල්ලිද ග්‍රාමීය රෝහලේදී මියගිය තරුණියගේ ඥාතීන් සහ මෙම සැකකරු අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පළමු සැකය හා සැකකරුගේ ආරක්ෂාව සදහා සැකකරු රෝහලේදී පොලීසියේ භාරයට ගත් බවත් පිටිගල පොලීසිය කියයි. එයින් පසුව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය කරගත් බවත් පිටිගල පොලීසිය කියයි.

මෙම කාන්තාව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් සිද්ධිය වූ දිනයේ කරන්දෙණිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම් මාර්ගය අසට ගොස් තරුණිය කැදවාගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තරුණිය කැදවාගෙන එද්දී රිය අනතුරේ ඉදිරි සැලසුම් අත් අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් දෙදෙනාට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බවත් පොලීසිය කියයි. එ් සම්බන්ධයෙන් තරුණියට නිසි වැටහීමක් නොවූ බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. සැකකරු අනතුර සිදු කිරීමට සැලසුම් කරන ලද ස්ථානයේ තරුණිය බස්සවා ඉල්ලා ගත් හිස් වැසුම ආපසු ලබා දීමට යැයි පවසමින් පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙර සැලසුමට අනුව මාර්ගය අසල සිටි තරුණිය කැබ් රථයෙන් හප්පා පලාගොස් තිබේ.

අදාල තරුණිය ඝාතනය කිරීමට වසර 02 ක පමණ කාලයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයා සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රිය අනතුරක් සිදු කිරීමට අමතරව දියේ ගිල්වා ඝාතනය කිරීමට මෙන්ම ගෙලබැදි රන්මාලය කඩාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කිරීමටද සැකකරු සැලසුම් කර තිබූ බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි. මෙම තරුණිය රක්ෂණාවරණ 04 ක් ලබාගෙන තිබෙන බවත් තරුණිය මියගිය පසු රුපියල් කෝටි 02 කට අධික මෙම රක්ෂණාවරණ ප්‍රතිලාභ තරුණියගේ ස්වාමිපුරුෂයාට හිමිවන බැවින් එය ලබා ගැනීමේ අරමුණින් සිය බිරිද ඝාතනය කල බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිටිගල, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් අබේරත්න (30964) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට

රක්‍ෂණ වන්දිය ගන්න බිරිද හප්පා මැරවූ සැමියාගේ තවත් සැලසුම් එලියට