March 5, 2024 4:10 pm
Facebook
Twitter
WhatsApp
රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රාජ්‍ය ආයතන සතු වාහන පනස් දහසක් පමණ වසර දහය ඉක්මවා ඇති බැවින් ඒවා නඩත්තු කිරීම සඳහා අධික මුදලක් දැරීමට සිදුව ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආයතන සතුව වාහන අනූ දහසක් පමණ ඇත. මෙම වාහන නඩත්තු කිරීම සඳහා මෙම වසරේදී ප්‍රාග්ධන වියදමෙන් රුපියල් බිලියන දහයකට ආසන්න මුදලක් හා පුනරාවර්තන වියදමෙන් රුපියල් බිලියන හතක මුදලක් වෙන් කර තිබුණි.

වසර පහක කාලයක් සඳහා රජයට වාහන මිලදී ගැනීම මේ වන විට නතර කර තිබේ. ඒ වෙනුවට කල්බදු පහසුකම් යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීමට අවසර දී ඇති අතර අමාත්‍යාංශවලින් එලෙස ගන්නා වාහන සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ. 

එලෙස මිලදී ගන්නා මෝටර් රථයක මාසික කුලිය රුපියල් ලක්ෂ තුනක් පමණ වන බව අමාත්‍යාංශය අනාවරණය කරයි.

එම නිසා රාජ්‍ය නිලධාරීන්ගේ වාහන භාවිතය අවම කළ යුතු බව අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න

රජයේ වාහන 50000ක් කොට උඩ යන්න ඔන්න මෙන්න