ලබන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
වැටුප් විෂමතාව සඳහා මේවනතෙක් විසඳුම් නොලැබීම ඊට හේතුවී ඇතිබව පැවසීය.
මේ අතර වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ලබන 26 වැනිදා බන්ධනාගාර නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
වසර 10 අධික කාලයක් පුරා වැටුප් වැඩි නොකිරීම හේතුවෙනි.
ඊට විරෝධය පලකරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව බන්ධනාගාර නිලධාරී එකමුතුව පවසයි.
ඒ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතාගෙන් විමසුවිට පැවසුවේ එවැනි වර්ජනයක් පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.