May 23, 2024 2:07 pm
Facebook
Twitter
WhatsApp
රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් ඉන්නවා. පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියා ප්‍රසන්න රණතුංග තැන තැන කියමින් යන කතාවේ සත්‍යතාවක් නැති බව පොහොට්ටුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. 

රනිල්ගේ කල් මැරීම හා රනිල් සමග සිටින එජාපයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් නිසා මේ වන විට පොහොට්ටුවේ සියයට අසූවක් පමණ දෙනා මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනකුද කලකිරී සිටින බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි. 

සුසිල් ප්‍රෙමජයන්ත, විජේදාස රාජපක්ෂ හා ටිරාන් අලස් යන ඇමැතිවරුන් ස්වාධීනව කටයුතු කිරීමට රූචියක් දක්වන නමුත් වෙන්ඩ කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනකුගේ බධා කිරීම් හා බලපෑම් නිසා කලකිරීමට පත්ව ඇති බව කියවේ. 

අරගලකරුවන් විනාශ කළ දේපලවලට මෙතෙක් වන්දි නොලැබීම නිසා පොහොට්ටුවේ බොහෝ පිරසක්ද ආණ්ඩුව සමග කලකිරී ඇත. වෛද්‍ය සීතා අරඹෙපලගේ මෝටර් රථය වෙනුවෙන් වන්දි ලබා දෙන්න යැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදීත් ආණ්ඩුවෙ ප්‍රබල අමාත්‍යවරයකු එය ක්‍රියාවට නොනැගීම නිසා තත්ත්වය තවත් බැරූරුම් වී තිබේ. 

මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති පසුබිමකදීත් ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහ උත්කර්ෂයට නගන්නේ ප්‍රසන්නගේ නඩු ටික බේරා ගැනීම සඳහා කරන උපප්ර වැට්ටයක් ලෙස යැයි පොහොට්ටුවේ පිරිසක් චෝදනා කරති . 

‘‘එහෙම 126ක් පොහොට්ටුවේ ඉන්නවා කියන එකවත් ඊළඟ පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවටවත් පොහොට්ටුව තීරණයක් අරගෙන නෑ. ප්‍රසන්න කිව්වට කිසිම මන්ත්‍රීවරයෙක් එහෙහම කැමැත්තක් දීලා නෑ.‘‘ ඔවුහූ පවසති.

ප්‍රසන්නට ඕනනම් පොහොට්ටුවෙන් යන්න කියයි

ප්‍රසන්න රණතුංග පසුගිය දවසක ඔහුගේ නිවසට පොහොට්ටුවේ ගම්පහ පළාත් පාලන අපේක්ෂකයන් සියලු දෙනා කැඳවා තිබිණි. මීට පෙර පොහොට්ටුවේ ලොක්කන් ප්‍රසන්නට බියගම පොහොට්ටුවේ රැස්වීමක් කරන්නට කියා උපදෙස් දී තිබුණත් ප්‍රසන්න මේ වෙලාවේ එය කළ නොහැක්කක් බව පවසා මග හැර තිබිණි. ප්‍රසන්න බියගම රැස්වීම නොකළ නිසා පොහොට්ටුවේ ලොක්කෝ බියගම රැස්වීමක් කළෝය. 

ඒ රැස්වීම අති සාර්ථක විය. ප්‍රසන්න හිතාගෙන හිටියේ ඔහු නොමැතිව ගම්පහ වැඩ කිරීමට නොහැකි බවයි. පොහොට්ටුවේ රැස්වීම සාර්ථක වීමත් සමගම ප්‍රසන්න ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සිය නිවසට කැඳවීය. ප්‍රසන්න මීට පෙරද මෙපරිද්දෙන්ම පළාත් පාලන නියෝජිතයන් නිවසට කැඳවා මත විමසීමක් කළේය. ඒ ආණ්ඩුවෙන් යන්න ඕනද ආණ්ඩුවේ ඉන්න ඕනද යනුවෙනි. එදා සියලු දෙනාගේ මතය වී තිබුණේ ප්‍රසන්නලා ආණ්ඩුවේ සිටිය යුතු බවයි. ප්‍රසන්න මේ තීන්දුව පිළිබඳ පුළුල් ප්‍රචාරයක් දීමටද කටයුතු කළේය. 

මෙදා සැරේ ප්‍රසන්න විමසුවේ අපි එජාපය හා එක්විය යුතුද? නැතිනම් පොහොට්ටුවේම සිටිය යුතුද කියයි. පළාත් පාලන නියෝජිතයන්ගේ මත ය වූයේ. එජාපය හා එක්වීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. ‘‘ඔබතුමාට ඕන නම් යන්න අපි නම් කවුරුවත් ඔබ සමග එන්නේ නෑ‘‘ කියා ඔවුන් පවසා ඇත. ප්‍රසන්න මෙවර කළ මත විමසුම ගැන කිසිවක් එළියට දැම්මේ නැත. මෙදා තමන්ගේ අවශ්‍යතාවට පොහොට්ටුවේ බිම් මට්ටමෙ නායකයන් එකඟතාව පළ නොකිරීම ඊට හේතුව බව පොහොට්ටුවේ ආරංචි මාර්ග කියයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ

රනිල්ට පොහොට්ටුවේ 126ක් නෑ