September 21, 2024 9:24 am
Facebook
Twitter
WhatsApp
රනිල් දිනවා කලගුණ සලකන්න…

රනිල් දිනවා කලගුණ සලකන්න…

රනිල් දිනවා කලගුණ සලකන්න…

2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට වතුකරයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දි වතුකරයේ ජනතාව කෘතගුණ දන්නා පිරිසක් බවට පෙන්වා දියයුතු බව  ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපතිවරණයේදි ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට වතුකරයේ ජන්දය ලබාදිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් දැනුවත් කිරිම සදහා (25) දින කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තරුණ අමාත්‍යවරයෙකු වන ම හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශාල ලෙස පාඩු ලබමින් තිබු ජල සම්පාදන මණ්ඩලය පැවරු බවයි.

පාඩු ලබමින් තිබු ජල සම්පාදන මණ්ඩලය අද වන විට විශාල අදායම් උපයන ආයතනයක් බවට පත් කිරිමෙන් පසු ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ වැටුප් ගැටළු විසදිම ඇතුළු යටිතල පහසුකම් නංවාලිමට ඉල්ලු සෑම දෙයක්ම ලබාදුන් බවත්, එසේ ලබාදුන් සෑම දෙයක්ම මේ වන විට වතුකරයේ ජනතාව වෙත ත්‍රමයෙන් ලබාදෙමින් පවතින බවයි.

වතුකරයේ ජනතාවගේ නිවාස වලට හිමිකම් ඔප්පු ලබාදිම, ඉඩම් අයිතිය ලබාදිම, වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිම, සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිම ඇතුළු මුලික කරුණු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ ගැටළුවක් විසදිමට මා නුවරඑලිය ප්‍රදේශයේ වතු යායකට ගිය අවස්තාවේ වතුකරයේ ඇතැම් දේශපාලඥයන් තමන්ව දැඩි ලෙස විවේජනය කල බවත්, පසුගියදා රුපවාහිනි නාලිකාවකදි වතුකරයේ නියෝජනය කරන දේශපාලඥයින් දෙදෙනෙකු එකිනෙක සිපවැළද ගනිමින් කටයුතු කිරිම තමන් විවේජනය නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රටේ පවතින අර්බුධය විසදා ගනිමින් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා නිසා ඔහු යලිත් රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ සියළුම ජනතාව එකට එක් වි කටයුතු කල යුතු බවයි ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම රැස්විමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රනිල් දිනවා කලගුණ සලකන්න…

රනිල් දිනවා කලගුණ සලකන්න…

රනිල් දිනවා කලගුණ සලකන්න…

රනිල් දිනවා කලගුණ සලකන්න…