ආණ්ඩුවෙත් දේශපාලඥයෙකු කටුනායක ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.
ඉකුත් දාහතර වැනිදා ගුවන්තොටුපොලට පැමිණි මෙම රාජ්‍ය ඇමතිවරයා එහි සේවකයෙකුගේ කණට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද බැණ තර්ජනය කර ඇති බවද සඳහන්ය.
තම බිරිඳ ඇතුළු කිහිපදෙනෙකු විදෙස්ගත වීම සඳහා ගුවන්තොටට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපළට ඇරලවීමට පැමිණි ආරක්ෂකයන් ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපලට ඇතුළු වීමට උත්සාහ ගනිද්දී සිදුවීම සිදුව ඇත.
අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් ගිනි අවි සහිතව ගුවන්තොටුපළට ඇතුළු වීමට යාමේදී ඊට ඉඩ නොදීමට ආරක්ෂණ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ මෙම කලහකාරී තත්වය ඇරඹී ඇත.
එමෙන්ම ගුවන් ගමන් භාණ්ඩ ගෙන යන සේවකයෙකුට අදාළ ගාස්තුව අඩුවෙන් ලබාදීම නිසා නියමිත ගාස්තුව ඉල්ලූ විට මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ කණට ගසා පිටව ගොස් තිබේ.