රේගුවේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව කඩිනමින් පියවර ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු අංශයක් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වහාම ස්ථාපිත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇත.
රේගුවේ කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මීට මාස කීපයකට පෙරදී සාකච්ඡා කර තිබේ. මෙහිදී ඔවුන් වැඩි වශයෙන් විමසා ඇත්තේ රේගුවේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව ගෙන ඇති පියවර සම්බන්ධවය. එහිදී පසුගිය වසර පහ තුළදී රේගුවේ වැරදිවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ගත් පියවර පිළිබඳව වාර්තාවක් රේගු නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇත.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රේගුවට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. නිලධාරීන්ගේ වංචා පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට අදාළ අභ්‍යන්තර කටයුතු අංශය කඩිනමින් ස්ථාපිත කිරීමද එම නිර්දේශවලට අයත්ය.
ඒ අනුව අදාළ අංශය ස්ථාපිත කිරීමට අදාළව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු මේ වන විට යොදවා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේය.