September 20, 2024 5:30 am
Facebook
Twitter
WhatsApp
රෝහල්වල අධි රුධිර පීඩන, දියවැඩියා ඖෂධ බාලයි.. රෝගීන් අනතුරේ..

රෝහල්වල අධි රුධිර පීඩන, දියවැඩියා ඖෂධ බාලයි.. රෝගීන් අනතුරේ..

රෝහල්වල අධි රුධිර පීඩන, දියවැඩියා ඖෂධ බාලයි.. රෝගීන් අනතුරේ..

රෝහල් තුළ ඇති අධි රුධිර පීඩනය සඳහා සහ දියවැඩියාව සඳහා යොදා ගන්නා ඖෂධ තත්වයෙන් බාල බව අත්දැකීමෙන් තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ වන විට අදාල ඖෂධ වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.

දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් එක්වී මේ රට රෝහල්වලට බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටළු රාශියක් මතුව ඇති බවත්, මෙය සමූල ඝාතන තැත් දරන පුද්ගලයින්ට වඩා ප්‍රභාකරන් හොඳ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

තම සායනවලට පැමිණි රෝගීන් මුහුන දුන් අත්දැකීම් පිළිබඳ තමන්ට මනා අවබෝධයක් ඇති බව පැවසු වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කර තිබෙන්නේ අදාළ රෝග උත්සන්නව රෝගීන් මියගිය විට කිසි දිනක එම මරණය බාල ඖෂධ හේතුවෙන් සිදු වුවක් බව සනාථ නොවන බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us