රෝහල් තුළ සමහර ඖෂධ සහ උපකරණ තිබියදීත් ඒවා පිටතින් ගෙන එන ලෙස රෝගීන්ට නියම කරන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ආචාර්ය වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
පිළිකා ඖෂධ ,ප්‍රතිජීවක ඖෂධ,අක්ෂි කාච සහ ශල්‍ය උපකරණ එලෙස වැඩි වශයෙන් බාහිරින් ගෙන්වයි.
බාහිරින් රැගෙන ඒමට නියම කරන එම ඖෂධ සහ උපකරණ අධික මිල ගණන් වලින් යුතු බව පැවසීය.
මෙම බොහෝ ඖෂධ ලියාපදිංචි කර නොමැති බව එහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් වගකිව යුතු දැඩි අවධානය යොමුකර යුතු බව වැඩිදුරටත් පැවසීය.