හෝමාගම මූලික රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගියෙකු සියදිවි හානිකරගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අදාළ පුද්ගලයා එම රෝහලේ ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවය.
මියගොස් ඇත්තේ 59 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි