March 5, 2024 4:00 pm
Facebook
Twitter
WhatsApp
ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

නව සන්ධානයේ වැඩ කටයුතු සඳහා සහාය දෙන නීතීඥ සංගමයේ විශේෂ සාකච්චාවක් පසුගියදා කොළඹ පිහිටි හෝටලයකදී පැවැත්වුණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා,සුගීශ්වර බණ්ඩාර,නීතීඥවරුන් වන නලින් සමරකෝන්,හර්ශාන් පෙරේරා,සාගර බණ්ඩාර,ලක්ෂණ පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයින් මුහුණ දෙන ගැටළු සඳහා නීති සහාය ලබාදීමට විශේෂ වැඩපිළිවලක් සකස් කරන ලෙස පාර්ලිමේන්තු නිමල් ලන්සා මහතා එහිදී උපදෙස් දුන්නේය.

ඊට අමතරව ලබන පෙබරවාරි මාසයේ ඔවුන්ගේ සමුළුව පැවැත්වීමටද මෙහිදී සාකච්චා කළේය.

ඉදිරි අයවැය සඳහා නව සන්ධානයට සහාය දෙන වෘත්තීය සමිතිවල අදහස් ලබා ගැනීම ගතවූ සතියේද සිදු කෙරිණි.

එම යෝජනා අනුර යාපා සහ නිමල් ලන්සා මන්ත්‍රීවරුන්ගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාට ලබා දීමද සිදුවීම විශේෂත්වයකි.

නව සන්ධානයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ පිහිටි ජේෂ්ඨ ඇමතිවරයෙකුගේ නිවසේදී පසුගිය බදාදා රාත්‍රියේදී පැවැත්වුණි.

අවස්ථාවට අනුර යාපා,නිමල් ලන්සා,නලින් ප්‍රනාන්දු,මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න,පියංකර ජයරත්න,දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන්ද සුගීශ්වර බණ්ඩාර,සිරිපාල අමරසිංහ සහ හිටපු පළාත් මහ ඇමතිවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතු වලට අමතරව වත්මන් දේශපාලන කරුණු කරනා ගැනද පිරිස කතාබහ කිරීම විශේෂත්වයකි.

“ගිය සුමනේ ලන්සාගේ ටොර්ක් එක නිසා පොහොට්ටුව හොඳටම කලබල උනා,කට්ටිය හිතුවේ නෑ හැබැයි ලන්සා මෙහෙම කියයි කියල”අමරවීර කතාබහ ආරම්භ කරමින් කිවේය.

“නෑ..ඒක කිව්ව එක හොඳයි,නැත්තම් සගරලා හැමදාම කරන්නේ මිනිස්සුන්ගේ හොඳ නම ගන්න ඔයවගේ දිව දෙකේ කතා කියන එක”ලසන්ත අලගියවන්න කිවේය.

“ඔව්..ඉන්නවනම් කට වහගෙන ජනාධිපතිතුමාට සහාය දීල ඉන්න ඕනා,නැත්තන් විපක්ෂේ ගිහින් වාඩිවෙලා ජනාධිපතිතුමාට බනින්න ඕනා,මොනවද මේ විහිළු,පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට සහාය දෙනවා,එළියට ඇවිත් බනිනවා”නලින් ප්‍රනාන්දු කතාබහට එක්විය.

“මට තේරෙන විදියට නම් ලන්සා ඇමතිතුමා කිව්ව එක මේගොල්ලෝ හරියට තේරුම් අරගෙන නෑ.ගාමිණී ලොකුගේත් මම දැක්ක මොනවද මේ ගැන කියනවා”සුගීශ්වර කිවේය.

“අපෝ..ඒ කියන ඒවා නම් ගණන් ගන්න ඕනා දේවල් නෙමෙයි,වලපයයි ගොඩපයයි ඉන්න කට්ටියනේ “හිටපු මහා ඇමතිවරයෙකු සිනාසෙමින් කිවේය.

“නෑ මම පැහැදිලිව ඇහුවේ වැවිලි කර්මාන්ත විෂය කෘෂිකර්ම අමාත්‍යංශයට දෙන්නේ නැතුව වෙන දෙන්න තියන අමාත්‍යංශය මොකක්ද කියල,ජනාධිපති හොඳ නැත්තන් විපක්ෂයේ ගිහිං වැඩිවෙන්න කියල,නාමල්ගෙන් ඇහුවේ බාප්පා ඇමතිකම් රොත්තක් අයින් කරලා අලුත්ම කට්ටියකට ඇමතිකම් දෙනකොට කොහෙද හිටියේ කියල,ඒවගේම අය වැය පරද්දනවා කියල කෑ ගහනවනේ පුලුවන්නම් පරද්දන්න කියල ඔය ටිකනේ මම කිව්වේ.ඒවාට උත්තර දෙන්නේ නැතිව කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර වැඩක් නෑනේ “ලන්සා පිරිස දෙස බලමින් කිවේය.

“දැන් නාමල්ගේ බඩියා වෙලා ඉන්නේ පුත්තලමේ ඔක්සිජන් නිශාන්ත නේද මම දැක්ක ලන්සා නාමල්ට කියන ඒවටත් පොර උත්තර දෙනවා”දුමින්ද කිවේ පියංකර දෙස බලමිණි.

“මිනිස්සුන්ට ජීවත්වෙන්න ඔක්සිජන් ඕනේ නෑ කියපු එකාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ මචං”පියංකරද ඊට පිළිතුරු දුන්නේ ඇඟට පතට නොදැනීමය.

“සාගරලා හැමදාම කරන්නේ ඕක තමයි ජනතාව රැවටෙයි කියලනේ ඒ අය හිතාගෙන ඉන්නේ,ඔහොම කට මැද කියවන්න ගිහින් පාර්ලිමේන්තුව විසුරුවලා ඊළඟ පාර ගෙදරට වෙලා ඉන්නකොට මතක් වෙයි”ලසන්ත අලගියවන්න කිවේය

“මෛත්‍රී ජනාධිපතිතුමාටත් මිඩියාවල බොරුවට බනිනවා,බැනල නෙලුම් මාවතේ තියන පිරිතේ ආරාධනා පත්‍ර අරං ගෙදරටම යනවා,මිනිස්සු මේවා දකින්නේ නැති හන්ද හොඳයි”දුමින්ද කිවේ පිරිස සිනහ ගන්වමිනි

Repoter

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..

ලන්සාගේ නව සන්ධානයට ගෝටාගේ ලේකම්ද ගොඩවේ.. සමුළුවට දින තීන්දුයි..