May 23, 2024 3:01 pm
Facebook
Twitter
WhatsApp
ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන වසරේ (2024) ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පැවසීය.

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මෙරටට ඉන්ධන සැපයීම සඳහා චීනයේ සිනොපෙක් (Sinopec) ඇතුළු තවත් සැපයුම්කරුවන් තිදෙනෙකුට අවසර දී තිබෙනවා. මේ වන විට සිනොපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. එම නිසා මාසයකට ඩොලර් මිලියන 40ක පමණ විදෙස් විනිමයක් ඉතිරි කිරීමට හැකි වී තිබෙනවා. වාර්ෂිකව සැලකීමේ දී ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමය ප්‍රමාණයක් මේ හරහා රටට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොලර් සංචිතයට පැවති අවදානම අවම කර ගැනීමට ද ඉවහල් වී තිබෙනවා. එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම පළමු වතාවට අපි තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200ක සංචිතයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළ යුතුයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ

ලබන ජූනි දක්වා තෙල් හිඟයක් නැහැ