July 14, 2024 10:20 pm
Facebook
Twitter
WhatsApp
වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

පවතින නියඟය හේතුවෙන් ඊයේ (22) දිනය වනවිට වගා හානි සිදුවී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ, එමෙන්ම අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන බවය.

ඒ අනුව වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.

ඊයේ (22) දිනය වනවිට එම මණ්ඩලය විසින් සකස් කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව සකස් කළ දෛනික වාර්තාව අද (23) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යොමුකර තිබේ.

ඒ යටතේ වගා හානිවලට ලක්වූ වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව 45,678ක් වන අතර, අනෙකුත් බෝග හානි සම්බන්ධව ගොවීන් ප්‍රමාණය 394කි. 

වී සහ අනෙකුත් බෝග වගා හානි සිදුවී ඇති සමස්ථ ගොවීන් ප්‍රමාණය 46,072කි.

ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඒ අනුව එය අක්කර 24,647.92කි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 29,472කි.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවලවෙන් වාර්තා වන අතර, එය අක්කර 14,067කි. ගොවීන් ප්‍රමාණය 5867ක් වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1898.25ක් වන අතර පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 1787කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගා කළ කුඹුරු අක්කර 699.75ක් වගා හානි වී ඇති අතර, පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 320කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 336.20ක් වගා හානි වීමෙන් ගොවීන් 292ක් පීඩාවට පත්ව ඇත.

මේ අතර නියඟය හේතුවෙන් ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය උදෙසා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ අමාත්‍ය මණ්ඩල සටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට

වගා හානිවූ ඉඩම් ප්‍රමාණය තවත් ඉහළට