November 6, 2024 10:31 pm
Facebook
Twitter
WhatsApp
වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

හොර ඔප්පුවක් සකස් කොට රුපියල් ලක්‍ෂ 47 1/2කට ඉඩමක් විකීණීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ රංජන් ලියනගේ නමැත්තාටය.

1999 මාර්තු මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තමාට අයත් නැති ඉඩමක් තමාගේ බව හඟවමින් රංගනාත් වැලිකල නමැත්තා රවටා එම ඉඩම මිලදී ගැනීමට ඔහු පෙළඔවීම සහ ව්‍යාජ ලේඛණ සකස් කොට එම ඉඩම රුපියල් ලක්‍ෂ 47 1/2කට විකුණා වංචා කිරීම ඇතු`ථ චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව විත්තිකරුට අදාළ දඬුවම් නියම කෙරිණී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා

වසර 24 ක් බරපතල වැඩ සහිතව හිරේ ගිය ඉඩම් හොරා