March 5, 2024 4:36 pm
Facebook
Twitter
WhatsApp
වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩ නගරයේ ඔරලෝසු කනුව පිහිටි ස්ථානයේ බස් නවතුම අසල ඇති වැසිකිළි අපද්‍රව්‍ය එකතුවන ටැංකි කිහිපයක් උතුරා අපද්‍රව්‍ය පිටතට ගලායාම හේතුවෙන් දෛනිකව බස් නැවතුමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

 තවද බස් නැවතුම හරහා මෙසේ ගලා යන අපිරිසිදු ජලය උමා ඔයාට එකතු වීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් ද සිදු වී ඇත. 

ජනතාව මේ විඳින ගැටලුව පිලිබඳ අප වාර්තාකරු වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.එම්.පී.එස්. බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ වැලිමඩ නගරයේ වෙළඳසැල් වලින් එකතුවන වැසිකිලි අපද්‍රව්‍ය ඔරලෝසු කනුව අසල ඇති ටැංකිවලට පොම්ප කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් රාත්‍රී කාලයේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් පොම්ප කිරීමේ කටයුතු සිදු කරන බවත්ය. 

කෙසේ වෙතත් දැනට දින කිහිපයකට පෙර වැසිකිලි අපද්‍රවය පොම්ප කිරීමට යොදා ගන්නා මෝටරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මේ ක්‍රියාව අකර්මන්‍ය වී ඇති අතර මෝටරය හැකි ඉක්මනින් යතා තත්වයට පත්කර ඉදිරි දින කිහිපයක් තුල මෙම ගැටලුව විසඳන බවට ලේකම් වරයා පවසා ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩට යන අය නහය වසා ගනියි

වැලිමඩට යන අය නහය වසා ගනියි