March 5, 2024 4:17 pm
Facebook
Twitter
WhatsApp
විද්‍යා පීට සිසුන්ගේ කිරි තේ එක කපලා.. ආහාර දීමනාව මදි..

විද්‍යා පීට සිසුන්ගේ කිරි තේ එක කපලා.. ආහාර දීමනාව මදි..

විද්‍යා පීට සිසුන්ගේ කිරි තේ එක කපලා.. ආහාර දීමනාව මදි..

විද්‍යා පීඨවල ගුරු පුහුණුව ලබන සිසුන්ට ලබාදෙන රුපියල් 5000ක ආහාර දීමනාව ප්‍රමාණවත් නැතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

එම මිනිසා උදේ කාලයේදී ලබාදුන් කිරි තේ එකද නවතා දමා ඇති බවත් ඊට අමතරව පෝෂ්‍යදායී ආහාර ලබා දීම සීමා මෙමින් පවතින බවත් සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

එක් සිසුවෙක් සඳහා රුපියල් පන්දහසක මුදලක් මාසිකව රජයෙන් ලබා දුන්නත් එම මුදලින් රුපියල් 500ක මුදලක් සුබ සාධනය සඳහා වෙන් කරන බවත් ඉතිරි මුදල් ආහාරපාන ලබාදීමට යොදාගන්නා බවත් ඔහු පවසයි.

අදාළ මුදලින් ආහාර වේල් තුනක් හෝ වේර දෙකක් ලබාදිය යුතු වුවත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා එම මුදලින් පෝෂ්‍යදායී ආහාර ලබා දීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පැවසීය.

එනිසා වර්තමානයට ගැලපෙන ලෙස අදාළ දීමනාව ඉහළ දමන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද හෙතෙම කියයි.

පුහුණුව ලබන සියලු දෙනා තරුණ වයසේ පසුවන නිසා මෙම පිරිස අනාගතයේදී ගුරුවරුන් ලෙස පාසලට එක්වීමට නියමිත බවත් මෙම වයසේදී නිසි පෝෂණයක් නොලැබුණහොත් ඔවුන්ට අනාගතයේදී සෞඛ්‍ය ගැටළුවට මුහුණ දීමට සිදුවිය හැකි බවත් හෙතෙම තවදුරටත් පෙන්වා දෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us