March 3, 2024 11:34 am
Facebook
Twitter
WhatsApp
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝදරථ ලියාපදිංචි කිරීමේදී එහි තාර බර සාමාන්‍ය ත්‍රිරෝද රථයක තාර බරට සාපේක්ෂව වැඩි බැවින් එය ත්‍රිරෝදරථ කාණ්ඩයේ ලියාපදිංචි කිරීමට ගැටලු මතුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව ත්‍රිරෝදරථයක් ලෙස ලියාපදිංචි කිරීමට එහි තාර බර කිලෝ ග්‍රෑම් 500ක් විය යුතුය. විද්‍යුත් ත්‍රිරෝදරථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝදරථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන අතර එවැනි ත්‍රිරෝදරථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් විදුලි බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝදරථ ලියාපදිංචි කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම ගැටලුව මගහරවා ගැනීමට විද්‍යුත් ත්‍රිරෝදරථවල තාර බර කිලෝ ග්‍රෑම් 600ක් වන ලෙස සංශෝධනයට කර ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට තීරණයකර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට පනත හරහට