April 18, 2024 6:42 am
Facebook
Twitter
WhatsApp
විදුලි කාර් ගෙන්වීම හරහා ජාවාරමක්.. අධි මිල සැප වාහන තොගයක් ගෙන්නලා..

විදුලි කාර් ගෙන්වීම හරහා ජාවාරමක්.. අධි මිල සැප වාහන තොගයක් ගෙන්නලා..

විදුලි කාර් ගෙන්වීම හරහා ජාවාරමක්.. අධි මිල සැප වාහන තොගයක් ගෙන්නලා..

විදේශ විනිමය රටට එවන ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබාදුන් අවස්ථාවෙන් රුපියල් කෝටි එකසිය විස්සක් වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක‍්‍රම හා විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා හෙළි කරයි.

ඉන් වාහන 75ක්ම මෙරටට ආනයනය කර ඇත්තේ එක ආයතනයක් බවද ඔහු කියා සිටී.

ඒ අනුව මේ හරහා වංචනික ක්‍රියාවක් සිදුව ඇති බවද එය වහාම නතර කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

‘රටට විදේශ විනිමය එවන ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් ආණ්ඩුවෙන් ලබාදුන්නා, අප කළ විමර්ශනයේ දී අනාවරණය වුනේ රු. බි. 1.2ක් වගේ වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇති බවයි. ඉන් වාහන 75 ක්ම මගින් අපනයනය කරලා තියෙන්නේ එක ආයතනයක්. මෙම බලපත්‍රය භාවිතා කොට රටට හොර පාරෙන්, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීම පිළිබඳ වංචනික ක්‍රියාවලියක් සිදුවෙලා. එය වහාම නතර කිරීමටත්, විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි නියෝග කළා. මේ හරහා රටට අහිමි වූ ධනය පිළිබඳ ගණනය කිරීමක් සිදු කිරීමටත්, විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා, මුදල් අමාත්‍යාංශ තීරකව කටයුතු කළ යුතු බවට වන මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව අපේක්ෂා කරනවා’

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us