March 5, 2024 3:15 pm
Facebook
Twitter
WhatsApp
විදුලි බිල 50% පහතට..

විදුලි බිල 50% පහතට..

විදුලි බිල 50% පහතට..

දැනට ඉහළ නංවා ඇති ප්‍රතිශතයෙන් 50% කින් පමණ විදුලිය බිල අඩු කිරීමට හැකිවෙනු ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

අදාළ ගණනය කිරීම් මේ වනවිට සිදුවෙමින් පවතියි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී 18%කින් විදුලි බිල ඉහළ දැමීම සිදුවිය.

එම ප්‍රතිශතයෙන් 50% ක පමණ ප්‍රතිශතයක් අඩුකිරීමට හැකිවෙනු ඇතිබව දැනට කර ඇති ගණනය කිරීම්වලින් තහවුරු වී ඇතිබව පැවසීය.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා ලබන 15 වැනි දා මහජන උපයෝගිතා කොමිසට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක් මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබාදි නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

එවැනි යෝජනාවක් ලබාදී ඇතිබව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

එවැනි වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදුලි බිල 50% පහතට..

විදුලි බිල 50% පහතට..

විදුලි බිල 50% පහතට..

විදුලි බිල 50% පහතට..