May 23, 2024 3:34 pm
Facebook
Twitter
WhatsApp
විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවුණි.

එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබයි. 

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ. 

  • ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ. 
  • ඇමරිකානු ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ.  
  • ඇමරිකානු ඩොලර් 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ. 
  • ඇමරිකානු ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය. 
  • ඇමරිකානු ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට