April 22, 2024 12:24 pm
Facebook
Twitter
WhatsApp
විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික එකම පවුලේ මව, පියා සහ පිරිමි දරුවෙක් මෙන්ම බස් රථයේ ගමන් කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා දඹුල්ලේ සිට සීගිරිය දක්වා ගමන් කරමින් තිබූ විදේශිකයින් රැගත් මෝටර් රථයක් බව පොලිසිය පැවසීය.

බස් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරට සම්බන්ධ බස්රථයේ රියදුරු පොලීසියට භාරවී තිබේ.

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි

විදේශිකයන් රැගත් මෝටර් රථයක් බස් රථයක ගැටෙයි