May 23, 2024 3:03 pm
Facebook
Twitter
WhatsApp
විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබුවේය. 

විපක්ෂ නායකයා පිහි ප්‍රහාරයට ලක්වූයේ බුසාන් වරාය නගරයට ගිය අවස්ථාවේදීය.

පිහි ප්‍රහාරය එල්ල වූයේ 59 හැවිරිදි ලී ජේ මියුංග් ගේ බෙල්ලටය.

ලී ජේ මියුංග්, බූසාන් නගරයට ගියේ, නගරයේ ඉදිවන ගුවන්තොටුපොළක වැඩ කටයුතු නිරීක්ෂණයටය. 

මාධ්‍යවේදීන් පිරිසක් ද ඔහු වට කරගෙන සිටියේය. හිටිහැටියේ පිරිස අතර සිටි පුද්ගලයෙක් විපක්ෂ නායකයාගේ බෙල්ලට පිහි ප්‍රහාරය එල්ල කළේය. විපක්ෂ නායකවරයාගේ ආධාරකරුවන් වහා එම තැනැත්තා අල්ලා ගත්තේ බිම පෙරළා ගනිමිනි.

විරෝධය දැක්වීමක් ලෙස පිහි ප්‍්‍රහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරකයා පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු, තුවාල ලබා බිම වැටෙන අයුරු, ආධාරකරුවන් එක් වී ලේන්සුවක් තබා තුවාලය තද කරන අයුරු පමණක් නොව, විපක්ෂ නායකයා රෝහල්ගත කරන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්

විපක්ෂ නායකයෙක්ට පිහි ප්‍රහාරයක්