රැදවියන් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ බන්ධනාගාර නියාමකවරුන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය. අධිකරණ නියෝගයකට අනුව එම විමර්ශනය ක්‍රියාත්මක වෙයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වූ නියාමකයින් කවුරුන්ද යන්න අධිකරණයට කරුණු වාර්තා කර ඇතිබව පැවසීය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලින ගමගේ මහතාගේ නියෝග පරිදි එම වාර්තාව ලබාදී තිබේ.
මෙම විශේෂ විමර්ශනය බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරියෙකු විසින් සිදුකරයි.
පසුගිය සතියේ දින 02ක් පුරා ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු වලට බාධා මතුවිය.