April 22, 2024 12:09 pm
Facebook
Twitter
WhatsApp
වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

පුද්ගලයෙකු පැහැරගෙන ,ගෑස් සිලින්ඩරයක් කොල්ලකා පළායාමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගෑස් සිලින්ඩරයක් කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.

කෝපායි පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරක් මත විමර්ශන සිදුකිරීමේදි ඊයේ(03) උදෑසන කිලිනොච්චිය ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනෙකු එම අපරාධය සඳහා යොදාගත් කැබ් රථය හා කොල්ලකන ලද ගෑස් සිලින්ඩරය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාද සැකකරුවන් භාරයේ සිටියදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,23,24,31,හා 34 යන වයස්වල පසුවන පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් අද (04) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී

වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙක්ව පැහැරගනී