March 5, 2024 4:59 pm
Facebook
Twitter
WhatsApp
ශ්‍රී ලංකාව මිනිසාට නොව තිරිසනුන්ටත් නුසුදුසු රටක් – අනුර

ශ්‍රී ලංකාව මිනිසාට නොව තිරිසනුන්ටත් නුසුදුසු රටක් – අනුර

ශ්‍රී ලංකාව මිනිසාට නොව තිරිසනුන්ටත් නුසුදුසු රටක් – අනුර

අද වන විට ශ්‍රී ලංකාව මිනිසාට පමණක් නොව තිරිසනුන්ට ද ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නැති රටක් බවට පාලකයන් බවට පත් කර ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ජවිපෙ ඉල් මහ විරු සමරුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

‘අපේ රට මුළුමනින්ම දේශපාලන පාදඩකරණයේ ගොදුරක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සඳහා ප්‍රබලම පියවර තැබුවේ 1977 දී බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව. මේ විනාශකාරී ගමනට විරුද්ධව පොදු සමාජයේ ගරුත්වය සහ නිදහස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නොබියව කරලියේ වැඩ කරමින් සිටියා.

1989 නොවැම්බර් 13 වැනිදා ජවිපෙ ගොඩනගන ලද, ඊට මඟ පෙන්වන ලද, ඊට පොදු ජනයාගේ අධ්‍යාත්මය කැඳවා ගෙන එන ලද අප පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු සටන් සගයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන ආරම්භය දුන්නා.

වෙනසක් සඳහා චන්ද්‍රිකා ගෙනාවා. චන්ද්‍රිකාත් ඒ ආරම්භයම ගෙනිච්චා. නැවත වෙනසක් සඳහා ගෙනාපු සෑම නායකයකුම ඒ ගමන ඉදිරියට ගෙනිච්චා මිස වෙනසකට භාජනය කළේ නෑ.

ලෝකයේ කොතැනක හෝ වංචා, දූෂණ පිළිබඳව හෙළිදරව්වක් සිදු වෙනවා නම් එහි ලංකාවේ කොටස්කරුවන් ඉන්න තැනට දැන් පරිවර්තනය වෙමින් තිබෙනවා’’

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us