March 3, 2024 12:13 pm
Facebook
Twitter
WhatsApp
ශිල්ප සභාවෙන් ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී ආදේශක

ශිල්ප සභාවෙන් ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී ආදේශක

ශිල්ප සභාවෙන් ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී ආදේශක

තහනම් කරන ලද ප්ලාස්ටික් භාණ්ඩවලට ආදේශකයක් ලෙස පරිසර හිතකාමී දිරාපත්වන භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දෙන බව ජාතික ශිල්ප සභාව සඳහන් කරයි.

ඒ අනුව තහනම් කර ඇති ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිඟන් සහ ඉඳිආප්ප බන්දේසි වෙනුවට දේශීය හස්ත කර්මාන්තකරුවන් විසින් දිරාපත්වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන ලී හැඳි සහ ගෑරුප්පු මෙන්ම නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී භාණ්ඩ ප්‍රචලිත කිරීමට නියමිතය.

මධ්‍යම පරිසර අධිකාරියේද සහාය ලබාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම මෙම දේශීය නිෂ්පාදන ප්ලාස්ටික් නිෂ්පාදනවල මිලට සාපේක්ෂව සුළු මුදලක් හෝ අඩුවෙන් පාරිභෝගිකයන් වෙත ලබාදීමට නිෂ්පාදකයන් කැමැත්ත දක්වා ඇති අතර එමගින් ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයට වැයවූ ඩොලර් ප්‍රමාණයද ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයි ජාතික ශිල්ප සභාව විශ්වාසය පළ කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us